18 February 2015

ඕං එහෙනං අපි තව ට්‍රිප්පෙකක් ගියා!

මේපාර අපේ වාර්ෂික ඇනුවල් ට්‍රිප් චාරිකාව කාරණා කීපයක් නිසා කලිං ඒවැයිං වෙනස් වෙනවා.

  1. දින තුනක් චාරිකාව සඳහා ගත කරපු පළවෙනි ට්‍රිප්පෙක.
  2. ගිය අවුරුද්දේ යන්න තිබුනු ට්‍රිප්පෙක මේ අවුරුද්දේ ගිය පළවෙනි අවස්ථාව.
  3. එච්චරයිනෙ වෙනස් කං? තව නෑ!

මේපාර ට්‍රිප්පෙකේ අපි ගියා පට්ට රස්නේ අනුරාධපුරේ, ටිකක් රස්නේ හබරණ සහ, පට්ට සීතල රිවර්ස්ටන්. ඇත්තම සිද්ධිය මේ ට්‍රිප්පෙක අපි යන්න දාගෙන තිබුනේ ගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ 2014 නොවැම්බර් මාසෙ. හැබැයි ඒ කාලෙ තිබ්බ වායුගෝලීය මානසික පීඩන තත්වයක් නිසා ඒ වෙනකොට අ’පුර හබරණ පැත්තට ලෙසටම වැස්ස. ඉතිං ඒ දවස් වල ට්‍රිප්පෙක ගියානං අපිට යන්න වෙන්නෙ මෙන්න මේ වගේ බස්සෙකක.

ඉතිං වැස්ස ඉවර වෙලා, නවාතැං ටික ආපහු රිෂෙඩියුල් කරගන්නකොට අපිට 2014 ට්‍රිප්පෙක යන්න පුළුවන් කමක් තිබුනේ 2015 පෙබරවාරි.

අරමුණු තුනයි ට්‍රිප්පෙකේ තිබුනේ:

  • අ’පුර අටමස්ථානේ දැකබලා ගැනීම.
  • හබරණ හුරුළු වනෝද්‍යානේ සෆාරිය හා රෑට බාබක්‍යු එක.
  • රිවර්ස්ටන් හි ඇවිදීම

යන දවසට දවස් දෙකකට කලිං ෆුඩ්සිටිය වැඳගෙන බාබක්‍යු එකට ඕන කරන සබ්බසකලමනාව ගෙනාවා චිකන් හැර, ඒක අදාළ දවසට ගන්න ප්ලෑන් කළා.

කලිං දවසෙ කස්ටියම පංසල් ගියා අපේ ලොක්කාගෙ ප්‍රතිපත්තිය හා පුරුද්දේ හැටියට.

මේ ලොක්කාගේ පොඩ්ඩී තෙල් වලට පහන් දානවා.

එදා රෑ ඕන කොරන අනෙකුත් අඩුම-කුඩුම ඔපීසියෙ එක්කාසු කොරගත්තා. පස්සෙන්දා උදේ පාන්දර පහට විතර ඒ ටිකත් බස්සෙකට දාගෙන අපි ටිප්පෙක පිටත් උනා. අටාමාරට විතර නිට්ටඹුවෙ කන්න නවත්තපු ඇර යනවා යනවා යනවා යනවා යනවා — ගිහිං නැවතුනේ අනුරාධපුරේ.

සොම්බීස් යෝ

අනුරාජපුරේ ගිය ගමං අපි නෑවා අභයවැව හෙවත් බසවක්කුලම හෙවත් “කහන වැවේ”! නාල ඉවර වෙලා එහෙම්මම කෑවා. කන කොට පොටෝ එකක් වත් නෑ!

ද කහන වැව ද

මේ තියෙන්නෙ අපි ගියපු බස් රාජයා:

මේ ඇවිල්ලා අපි නැවතුනු තැන සමග ඩැයිවර් මාමා අංකල්:

මෙතනින් ආපහු නාගෙන කහන වැවේ කැහිල්ල නවත්තගෙන අපි ගියා අටමස්ථානේ බලන්ට.

ඒකත් බලාගෙන ඇවිත් රෑට කාලා ඕමියක් ගහල දොයියගත්තේ උදේ තුනට නැගිටල මැච්චෙක බලන්න ඕන නිසා! ලෝක කුසලානේ පළවෙනි තරගේ ලංකාවයි නවසීලන්තෙයි අතර තිබ්බේ 14 වෙනිද උදේ පාන්‍දර.

දාහතර වෙනිදා උදේ ඉසුරුමුණියයි තිසාවැවයි බලාගෙනම අනුරාජපුරෙං පිටත් උනා.

ඊට පස්සෙ සේන්දු උනේ හබරණ අපි නවතින තැනට. ඒ ළඟම තිබුනු කුඩා වැව තමයි මේ:

වැව මැද ගස්

මේං නැවතුනු පොට්ටෙක:

පොට් පොජ්ජට මන්දො වීමට මොහොත පොජ්ජකට පෙර

වැව මැද පැල:

වැවේ මාළු බලාගන්න පැල

මේං සැට්ටෙකෙං ටිකක් පොට්ටෙකේ:

මංගැච්චුව හූරෝ

ඔතනින් තව තැනකට ගියා නාන්න.

ආපහු ඇවිත් දවල්ට කාලා එහෙම ගියා හුරුළු වනෝද්‍යානෙට. මේං ඒකෙ අලි:

ගිහිං එන අතරෙත් හොඳ අලි ටිකක් හම්බ උනා.

රෑ බාබක්‍යු එකයි පොඩි සාජ්ජෙකුයි.

අපේ ලොක්කා සා ගන්නවා

බාබර් ක්‍යූ?

සැන්මාක් ළමා සමාජෙන් සාජ්ජෙට අත හිත

සාජ්ජෙ සෙෂන් ටූ

පහුවෙනිදා උදේ පොඩ්ඩක් සීතලයි චුට්ටක් මීදුමයි තිබ්බා.

ලොක්කො 2 – පොඩ්ඩො 1

ඊට පස්සේ කෑවා.

අපෙන් ටිකක්.

කිරි බතුයි සම්බලුයි

කිරි බතුයි සම්බලුයි

ඊට පස්සෙ අපි යන්ට පිටත් උනා

යන්ටෙයි කියල ඕං!

රිවස්ටන් යන අතර මග

නෑවෙමු

කෑවෙමු

පොටෝ ගැසුවෙමු

රෑ වේගෙන එනකොට නැවත අපි පැමිණියෙමු

රිවස්ටන් වලින් බැහැලා එන අතරේ තව ත්‍රාස ජනක අත්දැකීමකට මුහුණ දුන්නා. රිවස්ටන් සිට පහළට බහින පාර ඉතාම පටු අවදානම් එකක්. අපිට රිවස්ටන් හි තැන් කිහිපියකදිම මුණ ගැසුනු මරුටියකින් ආපු සෙට් එකක වාහනේ පිටුපස බාගය ඒ අය ආපු වේගෙට පාලනේ කරගන්න බැරුව මේ ප්‍රතාපයකින් එපිටට ගිහිං නූලෙන් නැවතිලා තිබුනා! අනතුර සිද්ධ වෙලා විනාඩි කිහිපයක් ඇතුලත අපේ බස් එකත් එතනට ආවා. වාහනේ ආපු අයගෙන් තුන් දෙනෙක් එලියට පැමිණ තිබුනත් රියදුරා හා තවත් පිටුපස සිටි එක් කෙනෙක්ට එළියට එන්න බැරුව හිටියා. කස්ටියම හොඳට පානය කරල හිටියෙ කියන එක අපි කලිනුත් දැක්කා — අර පිටිපස්සෙ හිටිය කෙනා ඒකෙත් හොඳ එක. මෑන් ට එළියට එන්න සිහිය නෑ!

කොහොම හරි අපි ටික ගිහිල්ලා වාහනේ උඩට තල්ලු කර ගත්තා. වාහනේ බර නැති නිසා සහ අරුංගෙ ඔරලෝසුව හොඳ නිසා බේරුනා. නැත්තං අද හෙඩ් ලයින් එකක්!

ඊට පස්සේ හෙමිහිට මාතලේට බැහැලා, එහෙන් රෑට කාලා, අපි ගෙවල් දොරවල් කරා එන්න පිටත් උනා!