10 December 2015

පරිගණක විද්‍යාවේ දිනෙන් දින දියුණු වන තාක්ෂණයන් පිළිබඳව ඔබත් රසිකයෙක් නම්, ඔබටත් මේ cloud computing කියන දේ විශාල ප්‍රශ්නයක් වී තිබෙන්නට පුළුවනි. ඇත්තටම මේ cloud කියන දේ අපිට ඇසින් දැකිය හැකි ස්පර්ශ කළ හැකි දෙයක්ද? එසේ නම් මේ cloud එක තිබෙන්නේ කොතැනකද? මෙවන් පිළිතුරු සොයා ගත නොහැකි වූ ප්‍රශ්න දහසක් ඔබට තිබෙන්නට ඇති.

ඉතාම සරල බසින් පහදා දෙනවානම්, cloud computing කියන්නේ ඔබගේ නිවසේ ඇති පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කිරීමක් හෝ දත්ත ගබඩා කිරීමක් සිදු නොකර අන්තර්ජාලය හරහා මෘදුකාංග හා දත්ත වලට පිවිස ඔබගේ අවශ්‍ය කටයුත්ත සිදුකිරීමයි. උදාහරණයක් ලෙස නිවසේ ඇති පරිගණකයෙන් වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කර ලිපියක් ලිවීමේ ක්‍රියාවලිය සළකන්න. එහිදී ඔබට microsoft word වැනි වදන් සැකසීමේ මෘදුකාංගයක් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කිරීමෙන් පසුව එම මෘදුකාංගය භාවිතයෙන් අවශ්‍ය ලිපිය ලිවීම සිදු කර පරිගණකයේ තැන්පත් කිරීමෙන් පමණක් යළි එම ලිපියට පිවිසීමේ හැකියාව ලැබේ. නමුත් cloud computing වලදී ඔබට microsoft word වැනි මෘදුකාංග ස්ථාපනය කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. එහිදී ඔබ අන්තර්ජාලය හරහා එම වදන් සැකසීමේ සේවාව ලබාදෙන cloud service එකකට සම්බන්ධ වී අවශ්‍ය කරන ලිපිය සකසා එහිදීම ගබඩා කරනු ලබයි.

කිසියම් දිනෙක ඔබ cloud computing තාක්ෂණය භාවිතා කරනවා කියල හඳුන්වන්න නම්, ඔබේ දත්ත සහ මෘදුකාංග වලට අන්තර්ජාලය හා පිවිසීමේ හැකියාව එහි තිබෙන බව ඉන් අර්ථකථනය විය යුතුය. අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ හැකියාව ඇති ඕනෑම ස්ථානයක සහ වෙලාවක මෙම තාක්ෂණය භාවිතා කිරීමට හැකි වේ.</span></span>

Hero image credit: https://img.freepik.com/free-photo/elegant-finger-with-computer-drawings_1134-218.jpg?w=1380&t=st=1700206061~exp=1700206661~hmac=162ecf0cf9fabc38e3dc5bdb0993b7b3e31f3a5e45cb0c3756ea67bec03ec5a6

Share