11 July 2015

Smart phone, tablets භාවිතයට පැමිනීමත් සමග ඒවා භාවිතා කරමින් අන්තර්ජාලය හරහා වෙබ් අඩවි වෙත පිවිසීමද ආරම්භ විය. smart phone එකක් භාවිතා කරමින් වෙබ් අඩවියකට පිවිසුනු විට ඒවයේ කුඩා screen වල වෙබ් අඩවියක තොරතුරු ගවේශනය ඉතා අසිරු විය. සමහරවිට යම් රචනාවක් කියවිමට කිහිපවරක් zoom in සහ zoom out කරමින් වෙබ් පිටුව, screen එක තුල ඔබමොබ ගමන් කරවීමට සිදුවිය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස Responsive design, fluid design, mobile friendly නැතහොත් mobile compatible ලෙස හඳුන්වන විසඳුම පැමිනේ.

Responsive වෙබ් අඩවියක් යනු කුමක්ද?

Responsive වෙබ් අඩවියක් යනු, වෙබ් අඩවිය වෙත පිවිසෙන පුද්ගලයා භාවිතා කරන device එක හදුනාෙගන ඒ අනුව වෙබ් අඩවියේ ස්වරූපය , පහසුවෙන් වෙබ් පිටු වෙත පිවිසිය හැකිවන ලෙස, පහසුවෙන් කියවිය හැකිවන ලෙස, පහසුවන් පින්තූර සහ video නැරඹිය හැකිවන ලෙස, ස්වයංක්‍රියව වෙනස් කරගන්නා තාක්ෂනයෙන් යුතුවන වෙබ් අඩවියකි. උදාහරනයක් ලෙස, ජලය තමා අඩංගු බදුනේ ස්වරූපය අත්කරගන්නා අයුරින් Responsive වෙබ් අඩවියක් , වෙබ් අඩවිය වෙත පිවිසෙන පුද්ගලයා භාවිතා කරන device එක හදුනාෙගන තම ස්වරූපය වෙනස් කර ගනී.

Responsive වෙබ් අඩවියක වැදගත්කම්

  1. සාමාන්‍ය පරිගනක, Smart phones, Tablets, Laptop හෝ ඕනෑම අන්තර්ජායට පිවිසිය හැකි උපකරනයක භාදාවකින් තොරව පහසුවෙන් භාවිතා කල හැකි වීම සහ අන්තර්ගත තොරතුරු ඉතා පහසුවෙන් ග්‍රහනය කරගත හැකි වීම.
  2. Responsive තාක්ෂනය පැමිනිමට පෙර පැවති විසදුමක් වුයේ ඒක් එක් device එක සදහා වෙන වෙනම වෙබ් අඩවි නිර්මානයයි. ඒ සදහා අදික වියදමක් දැරිමට සිදුවු අතර, වෙබ් අඩවියට නව තොරතුරු එක් කිරිමේදී වෙන වෙනම සියලු වෙබ් අඩවි යාවත්කාලින කිරිමට සිදුවිය. නමුත් Responsive තාක්ෂනයේදි එකම වෙබ් අඩවිය විවිධ ස්වරූප වලට හැරෙන බැවින් එම ගැටලුව විසෙඳන අතර විශාල වියදමක් අඩුකරගත හැකිවේ.
  3. Google සෙවුම් ක්‍රියාවලියේදි Responsive වෙබ් අඩවි මුල් ප්‍රතිපල අතරට එක් කරනු ලැබේ. Google සෙවුම් ක්‍රියාවලිය නිර්මානය කර ඇත්තේ පහසුවෙන් ගවේශනය කල හැකි වෙබ් අඩවි සෙවුම් ප්‍රතිපලයේ (search result) මුලින් දිස්වන ලෙසය. එබැවින් Google සෙවුම් ක්‍රියාවලිය භාවිතාකර යම් සේවාවාක් සපයන ආයතනයක්, යම් තොරතුරක් සොයන පුද්ගලයකුට responsive තාක්ෂනය සහිත වෙබ් අඩවි මුල් ප්‍රතිපල අතර දැකිය හැකිවේ. එබැවින් responsive තාක්ෂණය භාවිත කරන ව්‍යාපාරවලට මෙහි වාසිය හිමිවි වැඩි ග්‍රාහක ප්‍රතිචාරයක් ලබා ගැනිමට හැකිවේ.

2014 වන විට Smart device භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසෙන පිරිස සාමාන්‍ය පරිගනක හරහා පිවිසෙන ප්‍රමානය අභිබවා ගියේය. එමෙන්ම නවතම දත්ත වාර්ථා අනුව අන්තර්ජාලය හරහා කරන මිලදි ගැනිම් සදහාද Smart device භාවිතා කරන ප්‍රමානය සාමාන්‍ය පරිගනක භාවිතා කරන ප්‍රමානය ඉක්මවා ගොස් තිබේ.

ඉහත දත්ත සමස්ත ලොක ජනගහනය සලකා ගෙනහැර දැක්වුවද, දියුනු වෙමින් පවතින රටක් වන ලංකාව තුල තත්වයද මීට ඉතා ආසන්න තත්වයක පවතී. පහත රූපසටහනේ පෙන්වා ඇත්තේ අප විසින් පවත්වගෙන යන සේවාවක් වන phonebook.lkවෙබ් අඩවිය වෙත දින 28 ක් ඇතුලත Google සෙවුම් යන්ත්‍රය හරහා පිවිසි පිරිසයි. සාමාන්‍ය පරිගනක හරහා -11,163, Mobile phone- 9,155, Tablet- 654 පැමින තිබේ. ඒ අනුව smart device හරහා 9,809 සහ සාමාන්‍ය පරිගනක හරහා -11,163 කි. මෙයින් ගම්‍ය වන්නේ ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමානයෙන් 45% ආසන්න ප්‍රමානයක් මේ වන විටද ඒ සදහා smart devices භාවිතා කරන බවයි. ඉදිරියේදි මේ ප්‍රමානය තවදුරටත් ඉහල යනු ඇත.

ඉතින්, ඔබේ වෙබ් අඩවිය අනාගතය උදෙසා සුදානම්ද?

Hero image credit: hhttps://img.freepik.com/free-vector/responsive-web-design-mockup-computer-tablet-smartphone-screens_613284-990.jpg?w=1060&t=st=1700213089~exp=1700213689~hmac=2999543b747e4f4208fc8441d7ac8e1d9da0bf15ece286bfc671ea1315da2637